2024 වසරේ ව්‍යවසායකත්වය වෙනුවෙන් වැඩි අවධානයක්
2023-12-27 16:13:01
Share with:

එළඹෙන 2024 වසරේ ව්‍යවසායකත්වය වෙනුවෙන් වැඩි අවාධානයක් යොමු කරන බව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදේශ රැකියා සඳහා යොමු කෙරුණු වසර ලෙස 2022 වසර  සැලකිය  හැකි බවත්  එම වසරේ දී 312,000ක ශ්‍රම බළකායක් විදේශ ගත කිරීමට හැකි වූ බවත් හෙතෙම සඳහන් කළේය.

2023 වසර ශුභ සාධනය වෙනුවෙන් වැඩි ව‍ශයෙන් අවධානය යොමු කෙරුණු අතර 2024 වසර ව්‍යවසායකත්වය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම