චීනය නව BeiDou චන්ද්‍රිකා දෙකක් දියත් කරයි
2023-12-27 10:31:15
Share with:

චීනය තවත් චන්ද්‍රිකා දෙකක් සාර්ථකව ගුවන්ගත කරයි. BeiDou පද්ධතියේ 57, 58 අංක දරන එම චන්ද්‍රිකා, Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඊයේ (26) නිකුත් කරනු ලැබීය.

ඒ, Long March-3B  වාහක රොකට්ටුව සහ ඒ හා සම්බන්ධිත Yuanzheng-1 කොටසේ ආධාරයෙනි.

පෙර BeiDou පද්ධතියේ MEO චන්ද්‍රිකා සමඟ සැසඳීමේ දී, මෙවර දියත් කෙරුණු චන්ද්‍රිකා දෙක විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාකාරීත්වය ඉහළ නංවනු ඇත. ගෝලීය කෙටි පණිවුඩ සන්නිවේදන ධාරිතාව, අභ්‍යවකාශගත පරමාණුක ඔරලෝසු තාක්ෂණය සහ අභ්‍යවකාශය වෙත ගෙනයන බුද්ධිමය උපකරණ යනාදියේ තත්ත්වය එමගින් තවදුරටත් වැඩිදියුණු කර ඇත.

එම චන්ද්‍රිකා දෙක BeiDou පද්ධතියේ විශ්වසනීයත්වය, සේවා හැකියාවන්, ස්ථාවරත්වය සහ පුළුල් භාවිතය ද තහවුරු කරනු ඇත. ඊළඟ පරම්පරාවේ BeiDou චන්ද්‍රිකා සංවර්ධනය සඳහා ද මෙමගින් මනා පදනමක් සැකසෙයි.

මෙය Long March වාහක රොකට්ටු මාලාවේ 504 වැනි මෙහෙයුම යි.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම