තම රටට ගුවන් ප්‍රහාර එල්ල කළ ඇමරිකාවට ඉරාකයේ දැඩි විරෝධය
2023-12-27 14:02:19
Share with:

ඇමරිකානු ගුවන් හමුදාව තම රටට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඉරාකය හෙළා දකී. ඉරාක අග්‍රාමාත්‍ය මාධ්‍ය කාර්යාලය ඊයේ (26) මේ බව නිවේදනය කළේ ය.

‘සිවිල් සංවිධානයක් සිදු කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් දැක්වීමේ’ මුවාවෙන් ඇමරිකාව ඉරාකයට එම ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. ඉන් පුද්ගලයෙකු මිය ගිය අතර, 18 දෙනෙක් තුවාල ලැබූහ. එම පිරිසට සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු ඇතුළත් බව ද එම නිවේදනයේ දැක්වෙයි.

මෙම ප්‍රහාරය ඉරාකය හා ඇමරිකාව අතර සබඳතාවට හානිකර වන අතර, සිය ස්වෛරීභාවය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව ඉරාක රජය කියාසිටී. ජාත්‍යන්තර හමුදා බලකායන් ඉරාකයේ රැඳී සිටීම සාකච්ඡා මාර්ගයෙන් අවසන් කිරීමේ ක්‍රියාදාමය ද ඉන් අයහපත් අතට හැරී ඇත. තම රටේ ආරක්ෂාවටත් ස්ථායිතාවටත්  හානි කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන බව ද ඉරාක රජය අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම