‘නවයුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තන අධ්‍යයන ලිපි එකතුව’ ග්‍රන්ථ මාලාවේ දෙවැනි අදියර ජනගත කෙරේ
2023-12-27 12:40:27
Share with:

 ‘නවයුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තන අධ්‍යයන ලිපි එකතුව’ නමැති ග්‍රන්ථ මාලාවේ 6 - 10 ග්‍රන්ථ ප්‍රකාශයට පත් කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ, ඉතිහාසය හා ලිපිලේඛන අධ්‍යයන ආයතනය වසර 2020 සිට මේ දක්වා People’s Daily පුවත්පතේ හා ‘Qiushi’ සඟරාවේ පළ කළ සිද්ධාන්ත ප්‍රචාරක ලිපි 31 ක් එම ග්‍රන්ථ පහේ අන්තර්ගත වේ. 

ෂී ජින්පිං මහතාගේ හරවත් දේශන ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා වන වැදගත් පරිශීලනයක් වන එහි, චීන නායකයාගේ චින්තනයෙහි ඇතුළත් තර්කය, ශාස්ත්‍රීය සිද්ධාන්තය හා දර්ශනය මැනැවින් පහදා දී තිබේ. එම ගැඹුරු චින්තනය පහසුවෙන් අධ්‍යයනය කළ හැකි වන සේ අදාළ කෘති පෙළ සකසා තිබීම විශේෂත්වයකි. මෙම ග්‍රන්ථ මාලාවේ 1—5 ග්‍රන්ථ 2020 වසරේ දී ප්‍රකාශයට පත් කෙරිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම