චීනයේ ගෝලීය විසඳුම් ජගත් විද්වතු‍න්ගේ පැසසුමට
2023-12-27 18:41:04
Share with:

2023 වසර කැළඹිලි වසරකි.එමෙන් ම 2023 වසර සාමය, සංවර්ධනය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණ වෙනුවෙන් මානව ප්‍රජාව ප්‍රයත්න දැරූ වසරකි. ලොව බලවතෙකු වශයෙන් චීනය 2023 වසරේ මානව අභිවෘද්ධිය සඳහා ලබාදුන් දායකත්වය දේශපාලන, වාණිජ හා ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල දෙස් විදෙස් පුද්ගලයන්ගේ ධනාත්මක ඇගයීම්වලට ලක්ව ඇත.

 චීන ලක්ෂණවලින් යුත් නවීකරණය චීනයට පමණක් නොව ලෝකයටත් සම්බන්ධ බව ඔවුන් පවසා තිබේ.ජපානයේ Shiseido සමාගමේ චීන ශාඛාවේ අධ්‍යක්ෂ ජනරාල් UMETSU Toshinobu මහතා කියා සිටින්නේ ඉහළ ගුණයෙන් යුත් සංවර්ධන මාවතේ ගමන් කරන චීනය අඛණ්ඩව නවෝත්පාදනය ඉදිරියට ගෙන යමින් ලෝක ආර්ථික වර්ධනයට නව අවස්ථා එක් කර ඇති බවයි.

 චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කර 2023 වසර වන විට දශකයක් ගත වී තිබේ. මේ වසරේ 3වන එක් තීරයක් එක් මාවතක් පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදය බෙයිජිං හිදී පැවැත්විණ. රටවල් 151ක සහ ජගත් සංවිධාන 41ක නියෝජිතයන් එක්වූ එම සංසදයෙන් ප්‍රතිඵල 458ක් බිහි විය. ඉන් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ ගෝලීය බලපෑම මැනවින් පිළිබිඹු වේ. ඉදිරි වසර 10යේ එම වැඩපිළිවෙළ වඩාත් ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක කරන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සංසදයේ දී ප්‍රකාශ කළේය. චීන ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය එක් තීරයක් එක් මාවතක වැඩපිළිවෙළට සම්බන්ධව සිටින රටවල ඉදිරි වර්ධනයට ධනාක්මක රුකුලක් වනු ඇතැයි චීන Fudan විශ්වවිද්‍යාල එක් තීරයක් එක් මාවතක් සහ ‍ගෝලීය පරිපාලන පර්යේෂණ ආයතනයේ උප සභාපති Huang Renwei මහතා පවසයි.

 2023 වසරේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම කෙරේ ජගත් ප්‍රජාව සක්‍රීය ප්‍රතිචාර දක්වා ඇත.එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මූලික කරගන්නා ජගත් ආරක්ෂක පටිපාටිය ස්ථාපිත කරමින් සාමකාමී ලෙස හා රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයෙන් ගැටුම් නිරාකරණය කළ යුතු බවට චීන ජනාධිපතිවරයා ගෝලීය ආරක්ෂක මුලපිරුම මගින් පෙන්වාදුන් කරුණු ගෝලීය ආරක්ෂාවට වැදගත් බව දකුණු කොරියාවේ Yonsei විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Moon Chung-in මහතා කියා සිටී. චීනය ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම අනුව, බහුපාර්ශ්වික වෙ‍ළඳාම මගින් ආර්ථික සහයෝගිතාව වර්ධනය කළ යුතු ය. එමෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල තිරසර සංවර්ධනයට සහාය විය යුතු ය. සාමයේ හා සංවර්ධනයේ අඩිතාලම ඇත්තේ එවන් මතයන් තුළ යැයි Moon Chung-in මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඉරාන දේශපාලන හා ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයේ උප සභාපති Khalil Shirgholami මහතා චීනය ඉදිරිපත් කළ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ඉහළින් අගය කර තිබේ. විවිධ ශිෂ්ටාචාරයන් සමානත්වතාවයෙන් යුතුව හුවමාරු කිරීමේ වැදගත්කම එම මුලපිරුමෙන් ඉස්මතු කළ බවත්, එය දැනට පවතින සංවර්ධන ගැටළුවලට හොඳ පිළියමක් බවත්, Khalil Shirgholami මහතා පවසයි.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම