මාඕ සේතුං මහතා සමාජයට තිළිණ කළ දැක්ම
2023-12-27 10:57:04
Share with:

මාඕ සේතුං මහතා අභාවප්‍රාප්ත වී මේ වනවිට වසර 47 ක් ගත වී තිබේ. එහෙත්, චීන ඉතිහාසයට පුළුල් බලපෑමක් එල්ල කළ නායකයෙකු වන ඔහුගේ මෙහෙවර පිළිබඳ කිසිවක් චීන ජනතාව අමතක කර නැත. සෑම වසරකම මාඕ සේතුං මහතාගේ ජන්ම දිනයේ දී චීන රජය මෙන්ම ජනතාව බෙයිජිං අගනුවර සිට ඔහුගේ උපන් ගම වන Hunan පළාතේ Shaoshan නගරය දක්වා විවිධ සැමරුම් උත්සව පවත්වයි. 

මාඕ සේතුං මහතා ගේ 130 වන ජන්ම දිනය මේ වසරේ යෙදී ඇත. ඒ නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් සාකච්ඡාවක් පවත්වනු ලැබීය. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතා එහිදී වැදගත් දේශනයක් පැවැත්වීය. චීන ලක්ෂණ සහිත නවීකරණය ඔස්සේ ශක්තිමත් රටක් ගොඩනැගීම, චීන ජාතියේ පුනර්ජීවන මෙහෙයුම අංගසම්පූර්ණ ලෙස ප්‍රවර්ධනය කිරීම, මාඕ සේතුං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ පළමු පරම්පරාවේ මධ්‍යම රජයේ නායකයන් සම්පූර්ණ නොකළ මෙහෙයුමක් බව ඔහු එහිදී  කියාසිටියේය. මාඕ සේතුං මහතා අනුස්මරණය කිරීමේ ප්‍රශස්තම ආකාරය, එතුමා විසින් ආරම්භ කළ එම ශ්‍රේෂඨ මෙහෙයුම තවදුරටත් පවත්වා ගෙන යාම බව ද ඔහු පෙන්වා දුන්නේය.

චීන ලක්ෂණ සහිත නවීකරණය සමස්ත චීන ජනතාවගේ වගකීමකි. සමස්ත ජනතාවගේ මූලික ප්‍රතිලාභ සහතික කිරීම, සාක්ෂාත් කිරීම හා සංවර්ධනය ප්‍රමුඛ අරමුණක් හා ඉලක්කයක් ලෙස සැලකිය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. නවීකරණ සංවර්ධනයේ ජයග්‍රහණ  සමස්ත ජනතාවට ඉහළින් බෙදා දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය. 

ජනතාව රටේ සැබෑ හිමිකරුවන් ලෙස සැලකීමේ ක්‍රමවේදය පරිපූර්ණ කළ යුතු ය. එසේම, ජනජීවිතවල උසස් පැවැත්ම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. නවයුගයේ ජනතාවාදී මාර්ගය ඔස්සේ, ජනතා විවේචන හා අධීක්ෂණ පිළිගත යුතුය. චීන ලක්ෂණ සහිත නවීකරණයට විශ්වසනීය, පුළුල් හා ප්‍රබල ශක්තියක් හිමි වනු ඇතැයිද ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.   

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම