රජයේ ඉඩම්වල පරම අයිතිය සහිත ප්‍රදාන පත්‍ර දස දහසක් ලබන ජනවාරි මස
2023-12-27 16:11:17
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය යෝජනාවලියේ සඳහන් “උරුමය” වැඩසටහන යටතේ රජයේ ඉඩම්වල පරම අයිතිය සහිත ප්‍රදාන පත්‍ර දස දහසක් ලබන වසරේ ජනවාරි මස අවසන් වන විට ලබා දීමට රජය සැලසුම් කරයි. 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අවසර පත්‍ර සහ දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ලබා දීම සිදු කෙරේ. ඔවුනට එම ඉඩම්වල අයිතිය නොමැති වීමෙන් ඒවා තම අවශ්‍යතා සහ සංවර්ධන කටයුතුවලට යොදා ගැනීමේදී සහ ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුව තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම