"එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙලෙන් ජයග්‍රහන රැසක්
2023-12-27 19:11:17
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය මෙම වසරේ යෙදී තිබේ. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(27) පැවති මාධ්‍ය හමුවකදී, මෙම වසරේ උසස් තත්ත්වයේ "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ එක්ව ගොඩනැඟීමේ ජයග්‍රහණ හඳුන්වා දුන්නා ය.

මෙම වසරේ "එක් තීරයක් එක් මාවතක්" ආර්ථික හා වෙළඳ ආයෝජන සහයෝගිතාව අඛණ්ඩව වර්ධනය වී බව ඇය පැවසුවා ය. ජනවාරි සිට නොවැම්බර් දක්වා, "එක් තීරයක් එක් මාවතක්" හා සම්බන්ධ රටවල් හා  චීනය සිදු කළ ආනයන හා අපනයන මුළු වටිනාකම යුවාන් ට්‍රිලියන 17.65ක් දක්වා ළඟා වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 2.6%ක වැඩි වීමකි. මෙම වසරේ මුල් මාස 11 තුළ, චීන-යුරෝපා දුම්රිය මගින් ප්‍රවාහනය කරන ලද භාණ්ඩ පරිමාව 19% කින් වැඩි වූ අතර, එය පසුගිය වසරේ මුළු පරිමාව ඉක්මවා තිබේ. Jakarta-Bandung අධිවේගී දුම්රිය මාස දෙකක් තුළ, මගීන් මිලියනයකට වඩා ප්‍රවාහනය කර තිබේ. බංගලාදේශයේ උමග සහ නයිජීරියාවේ ගැඹුරු මුහුදු වරාය යන ව්‍යාපෘති අවසන් කර විවෘත කිරීමත් සමඟ, අදාළ රටවල් සහ කලාප අතර සම්බන්ධතාව ඵලදායී ලෙස ප්‍රවර්ධනය වී තිබේ. ජල විදුලිය, සුළං බලය සහ ප්‍රකාශ වෝල්ටීයතාව යන හරිත බලශක්ති කර්මාන්තවල සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා, චීනය සහ බොහෝ රටවල් "එක් තීරයක් එක් මාවතක්" හරිත සංවර්ධනය පිළිබඳ බෙයිජිං මුලපිරුමට  එක්ව සිටී.

ඒ ඒ පාර්ශ්ව සමඟ, "එක් තීරයක් එක් මාවතක්" 10 වැනි සංවත්සරය නව ආරම්භයක් ලෙස, උසස් තත්ත්වයේ "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ එක්ව ගොඩනැඟීම ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, පොදු මානව ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා නව සහ බලවත් බලයක් එක් කිරීමට, චීනය බලාපොරොත්තු වන බව, Mao Ning මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම