කොවිඩ් 19 නව උප ප්‍රභේදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි අවදානම ඉතා අවම බව ප්‍රකාශ‍ කෙරේ
2023-12-26 14:50:48
Share with:

කොවිඩ් 19 වෛරසයේ JN1 උප ප්‍රභේදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

2023 දෙසැම්බර් 20 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම උප ප්‍රභේදය තවදුරටත් සොයා බැලිය යුතු උප ප්‍රභේදයක් ලෙස ප්‍රකාශ කල අතර එහි පැතිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව ද සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනට එම  උප ප්‍රභේදය හේතුවෙන් ඇතිවිය හැකි මහජන සෞඛ්‍ය තර්ජනය අවම මට්ටමක ඇති බවද ප්‍රකාශ කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම