මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් තුරන් කරන බව මහජන ආරක්ෂක ඇමති කියයි
2023-12-26 14:54:40
Share with:

ඉදිරි මාස 6 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරයි.

යුක්තිය මෙහෙයුම කිසිසේත් නතර  නොකරන බවද හෙතෙම කියා සිටී.

අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අරමුණෙන් යුක්තිය මෙහෙයුම රට පුරා ක්‍රියාත්මකයි.

මේ වනවිටත් සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් දොළොස් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් සතුව තිබූ රථවාහන , නිවාස ඇතුළු දේපල ද පොලිස් භාරයට ගෙන ඇත.පොලීසිය ,විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව එක්ව එම මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම