දරාගත නොහැකි නිෂ්පාදන පිරිවැය හමුවේ ඇමරිකාවට අහිමි වන ජාත්‍යන්තර ආයෝජන
2023-12-26 11:27:47
Share with:

 ‘පුළුල් ලෙස හිතාමතා ගත් තීරණයක් අනුව, ඇමරිකාවේ Oklahoma ජනපදයේ බැටරි නිෂ්පාදන කම්හලක් ඉදිකිරීමේ සැලැස්ම අත්හැරීමට සිදු ව ඇතැ’ යි  ටෙස්ලා සමාගමේ බැටරි සැපයුම්කරුවා වන ජපානයේ Panasonic සමාගම පසුගියදා ප්‍රකාශ කර ඇත. එය එතරම් සුවිශේෂ සිදුවීමක් නොවන්නේ, මෙම වසරේ ජාත්‍යන්තර තලයේ ප්‍රකට විදුලි වාහන නිෂ්පාදන සමාගම් කිහිපයක්ම ඇමරිකාවේ සිය බැටරි නිෂ්පාදන කර්මාන්තශාලා ඉදිකිරීමේ සැලසුම් අත්හැරීමට හෝ කල්දැමීමට තීරණය කර තිබීම නිසා ය. ආයෝජනය ආකර්ෂණය කරගැනීම සඳහා ඇමරිකානු රජය දිරිගැන්වීමේ හා දීමනා ලබාදීමේ ප්‍රතිපත්ති මාලාවක් නිකුත් කර තිබියදීත් එම ව්‍යාපාරික සමාගම් ඇමරිකාවෙන් ඈත්වීමේ හේතුව කුමක් ද?

ඊට බලපා ඇති පළමු සාධකය වන්නේ ඉහළ පිරිවැය යි. බැටරි නිෂ්පාදන අමුද්‍රව්‍ය සපයා ගැනීම හා පිරිසැකසුම් අතින් ආනයන මත යැපෙන ඇමරිකාවේ බලශක්තිය,ඉඩම් සඳහා වන වියදම් හා ඉහල වැටුප්, ආයෝජන පිරිවැය ඉහළ යාමට හේතු වේ.

ප්‍රතිලාභ අතින් ද මේ තත්ත්වය විග්‍රහ කළ හැකිය. ‘උතුරු ඇමරිකානු කලාපය තුළ උසස් තත්ත්වයේ විදුලි වාහන සඳහා පවතින ඉල්ලුම අඩුවෙමින් පවතින බව  Panasonic සමාගම පසුගිය ඔක්තෝබර් මාසයේ ප්‍රකාශ කළ අතර, බැටරි නිෂ්පාදන අංශයේ මෙම වසරේ ප්‍රතිලාභ අ‍පේක්ෂාව 15% කින් පහළ දමා තිබිණ. මේ අතර, වෙළඳපොළ සමීක්ෂණ ආයතනයක් වන J.D.Power සමාගමේ වාර්තාවක් පවසන පරිදි, ඇමරිකාවේ ස්ථාපිත පොදු විදුලි ආරෝපණ යන්ත්‍ර අධික සංඛ්‍යාවක දෝෂ පවතී. 2022 වසරේ ඇමරිකාවේ විදුලි වාහනවල ආරෝපණ අසාර්ථක වීමේ අනුපාතය  20% ක් තරම් අධික වීම ද කැපීපෙනේ.

 මීට අමතරව, කිසියම් සමාගමක් ආයෝජනය කිරීමේදී, තිරසර සංවර්ධන, ස්ථාවර ආර්ථික හා ව්‍යාපාරික පරිසරයක් තිබීම අතිශයින් වැදගත්ය. එහෙත් ඇමරිකාවේ ණයබර වාර්තාගත ඉහළ මට්ටමක පැවතීම, ඉහළ උද්ධමනය සහ නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ නිරන්තර වැඩවර්ජන යනාදිය ඇමරිකාවේ ව්‍යාපාරික පරිසරය කෙරෙහි ආයෝජකයන් තුළ කණස්සල්ල මෙන්ම අවිශ්වාසය උපදවා ඇත. මුදල් ප්‍රතිපත්තිවල පවතින උග්‍ර කොන්දේසි, අනපේක්ෂිත  දේශපාලන සිදුවීම් වැනි අස්ථාවරත්වයන් ද බොහෝ සමාගම්  ඇමරිකාවේ ආයෝජනය  අත්හැරීම කෙරෙහි දැඩි ලෙස බලපා තිබේ. 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම