ඇමරිකාව ඊශ්‍රායලයට ‍ මෙට්‍රික් ටොන් දසදහසකට අධික යුද උපකරණ එවූ බවට වාර්තා
2023-12-26 11:32:43
Share with:

ඇමරිකාව ඊශ්‍රායලය වෙත මෙට්‍රික් ටොන් දසදහසකට අධික යුද උපකරණ එවා ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.

එරට Keshet 12 රූපවාහීනි නාලිකාව ඊයේ (25) වාර්තා කළේ මෙවර පලස්තීන-ඊශ්‍රායල ගැටුම හටගත් දා සිට ඇමරිකාව ගුවන් යානා 244 ක් හා නෞකා 20 ක් මගින් ඊශ්‍රායලය වෙත මෙට්‍රික් ටොන් දසදහසකට අධික යුද උපකරණ යොමු කර ඇති බවයි. සන්නද්ධ රථ, අවිආයුධ සහ ආරක්ෂක උපකරණ ඊට ඇතුළත් ය. එමෙන් ම, ඊශ්‍රායල ජාතිකාරක්ෂක අමාත්‍යාංශය පසුගිය දා ඇමරිකාවෙන් තවදුරටත් ඩොලර් බිලියන 2.8 ක යුද උපකරණ ද මිලදී ගෙන ඇත. දැනටමත් ඊශ්‍රායලයේ සියලු අවිආයුධ කර්මාන්තශාලා දවස පුරා ක්‍රියාත්මක වෙයි. තමන් සතු අවිආයුධ ප්‍රමාණය සහතික කිරීම ඉන් අපේක්ෂා කරන බව ද එරට මාධ්‍ය පවසයි.

ඔක්තෝබර් 7 වැනි දා පලස්තීනය හා ඊශ්‍රායලය අතර ගැටුම් හටගත් දා සිට මේ දක්වා ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් විසිදහස් හාරසියයක පලස්තීන වැසියන් පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර, පනස්හතරදහසක පිරිසක් තුවාල ලබා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම