ඇමරිකානු “2024 මුල්‍ය වසරේ ජාතිකාරක්ෂක නීති පනත ” තුළ චීනය හා සම්බන්ධ ඍණාත්මක වගන්ති ක්‍රියාත්මක නොකළ යුතු බව චීනය පවසයි
2023-12-26 18:34:43
Share with:

ඇමරිකානු ජනපති අත්සන් කළ “2024 මුල්‍ය වසරේ ජාතිකාරක්ෂක නීති පනත ” තුළ චීනය හා සම්බන්ධ ඍණාත්මක වගන්ති ක්‍රියාත්මක නොකළ යුතු බව චීනය පවසයි. 

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(26) මේ බව ප්‍රකාශ කළාය. චීනය හා සම්බන්ධ ඍණාත්මක වගන්ති ඇතුළත් “2024 මුල්‍ය වසරේ ජාතිකාරක්ෂක නීති පනත ” ඇමරිකාව අයුත ලෙස සම්මත කර ඇත. මේ සම්බන්ධයෙන් චීනය ඇමරිකාවට දැඩි විරෝධය පළ කර ඇතැයි ඇය කියා සිටියාය.

පසුගිය 22 වනදා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා එම පනතට අත්සන් තැබීය.මේ සම්බන්ධයෙන්, Mao Ning මහත්මිය පැවසුවේ එම නීති පනත චීන අභ්‍යාන්තර කටයුතුවලට මැදහත්වී එකම චීනය පිළිබඳ මූලධර්මය හා චීන- ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන උල්ලංඝනය කිරීමක් බවයි. 

"තායිවාන බෙදුම්වාදීන්ට සහාය නොදීම”පිළිබඳ ඇමරිකානු නායකයන් ලබා දුන් ප්‍රතිඥා සැබවින්ම ක්‍රියාත්මක කරමින් තායිවාන ප්‍රශ්නයට මැදහත්වීම වහාම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කළ බව ද ඇය සඳහන් කළාය.එම නීත පනතෙන් චීන තර්ජනය ප්‍රචාරය කරමින් චීන ව්‍යවසායන්ට පහර දී චීන-ඇමරිකා නිසි ආර්ථීක වෙළඳාම හා මානව හුවමාරුවලට බාධා කර ඇත. එය කිසිදු පර්ශ්වයක ජයග්‍රහණයන්ට අනුකූල නොවන බවද Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම