යුරේසියානු ආර්ථික සංගමය ආර්ථික සංවර්ධනය තහවුරු කිරීම පිළිබඳ ප්‍රකාශයක් සම්මත කරයි
2023-12-26 11:36:36
Share with:

යුරේසියානු ආර්ථික සංගමයේ සාමාජික රටවල නායකයන් සංවර්ධනය තහවුරු කිරීම පිළිබඳ ප්‍රකාශයක් සම්මත කළ බව ක්‍රෙම්ලිනය පවසයි. ඒ, ඊයේ (25) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවති රැස්වීමක දී  ය. 

උත්තරීතර යුරේසියානු ආර්ථික කවුන්සිලය පැවැත්වූ අදාළ රැස්වීමේ දී, යුරේසියානු ආර්ථික සංගම් රටවල ප්‍රධානීහු පසුගිය වසර කිහිපය තුළ සංගමයේ ජයග්‍රහණ සාරාංශ කළහ. එසේම,  අනාගත සහයෝගිතා පිළිබඳ  අපේක්ෂාවන් ද එහිදී සාකච්ඡා කරනු ලැබීය. 2030-2045 වසර දක්වා සංගමයේ ක්‍රියා රාමුව තුළ ආර්ථික ක්‍රියාදාමයන් තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳ ප්‍රකාශයක් ද එම ප්‍රධානීන් විසින් අනුමත කරනු ලැබ ඇත. 

 2024 වසරේ සංගමයේ ජාත්‍යන්තර ක්‍රියාකාරකම් සඳහා මාර්ගෝපදේශ මාලාවක් සහ 2024 – 2025 වසර දක්වා සංගමයේ ප්‍රධාන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති උපදෙස් මාලාවක් ද එහිදී සම්මත කෙරිණ.

දේශගුණික විපර්යාස, සෞඛ්‍ය සේවා සහ සංචාරක ව්‍යාපාරය වැනි අංශවල අන්තර් ක්‍රියාකාරකම් මෙමගින් නිර්වචනය කර ඇති බවත්, ඒ පිළිබඳ  ඒකාබද්ධ මෙන්ම කඩිනම් ක්‍රියාමාර්ග මෙම ප්‍රකාශයට ඇතුළත් වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා එහිදී පැවසීය.

 රුසියාව, ආර්මේනියාව, බෙලරුස්, කසකස්තානය සහ කිර්ගිස්තානය යුරේසියානු ආර්ථික සංගමයේ සාමාජිකත්වය දරයි.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම