මාඕ සේතුං සභාපතිවරයා‍ පිළිබද නව ග්‍රන්ථ දෙකක්
2023-12-26 16:55:35
Share with:

මාඕ සේතුං සභාපතිවරයාගේ 130 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන්, "චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ සිට මාඕ සේතුං සභාපතිවරයාගේ අත්පිටපත්" (1-20 වෙළුම) සහ "මාඕ සේතුං සභාපතිවරයාගේ කාල නිර්ණය" (1-9 වෙළුම), අද(26) සිට රට පුරා බෙදා හැරේ.

මෙම කෘති මාලාවන් දෙක, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඇතිව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය සහ ග්‍රන්ථ පර්යේෂණ ආයතනය විසින් සංශෝධනය කිරීමෙන් පසු, මෑතකදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම පක්ෂ ග්‍රන්ථ මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

"චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ සිට මාඕ සේතුං සභාපතිවරයාගේ අත්පිටපත්" (1-20 වෙළුම) යනු, පර්යේෂණ සඳහා භාවිතා කරන ලද බහු-වෙළුම් විස්තීර්ණ ග්‍රන්ථ එකතුවකි. "මාඕ සේතුං සභාපතිවරයාගේ කාල නිර්ණය" (1-9 වෙළුම) යනු, 1893 වසරේ ඔහුගේ උපතේ සිට 1976 වසරේ ඔහුගේ අ‍භාවය දක්වා වූ වසර 83 තුළ, ඔහුගේ ජීවන ජයග්‍රහණ සහ මතවාදී හා න්‍යායික වර්ධනය පිළිබඳ වංශකථාවකි.

මෙම කෘති මාලාවන් දෙක මාඕ සේතුං සභාපතිවරයාගේ ජීවිතය අධ්‍යයනය කිරීමට ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු, ඔහුගේ දෘෂ්ටිවාදාත්මක න්‍යායන්, කාර්ය ස්වභාවයන්  සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පමණක් නොව, චීන ලක්ෂණ සහිත සමාජවාදී මාවතට මාඕ සේතුං චින්තනයේ ඓතිහාසික දායකත්වය අධ්‍යයනය කිරීමට ද එය ඉතා වැදගත්ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම