ලැන්කං -මීකොං රටවල් අතර සහයෝගතා වර්ධනය කිරීමේ වැදැගත්කම චීන අගමැතිවරයා පෙන්වා දෙයි
2023-12-26 18:51:40
Share with:

ලැන්කං -මීකොං රටවල් අතර සංවර්ධන ඒකීකකරණය සහ ආරක්ෂක පාලන සහයෝගතාව වර්ධනය කිරීමේ වැදගත්කම චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා පෙන්වා දෙයි.එම කලාපයේ රටවල් වෙනුවෙන් විශේෂිත ණය මුදලක් ක්‍රියාත්මක කිරීමේ චීන තීරණයද හෙතෙම ප්‍රකාශයට පත් කළේය. වීඩියෝ ආධාරයෙන් පැවති  සිව්වන ලැන්කං -මීකොං නායක හමුවේ සම සභාපතිත්වය දරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ චීන අගමැතිවරයා පැවසුවේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් එක් තීරයක් එක් මාවතක් , ගෝලීය සංවර්ධන මුල පිරුම,ගෝලීය ආරක්ෂක මුල පිරුම,ගෝලීය ශිෂ්ටාචාර මුල පිරුම ක්‍රියාත්මක කිරීමට කලාපයේ රටවල් 6‍ට ආදර්ශයක් විය හැකි බවය. ලැන්කං -මීකොං සහයෝගතා ශක්තිමත් කිරීම වෙනුවෙන් හෙතෙම යෝජානා 4ක් ඉදිරිපත් කළේය.ඒකීකරණ සංවර්ධන ප්‍රවර්ධනය,හරිත සහයෝගතා ප්‍රවර්ධනය,ආරක්ෂක පාලනය මෙන්ම ජනතාව අතර හුවමාරු ප්‍රවර්ධනය එම යෝජනා 4න් ප්‍රධාන වශයෙන් අවධානය‍ට  ලක් කෙරේ.

මේ අතර එම රැස්වීමට එක්වූ  සෙසු රටවල නායකයන් පසුගියදා චීනයේ ගන්සු පලාතේ භූමි කම්පාවෙන්  සිදුවු ජීවිත හානි පිළිබඳව සිය හෘදයාංගම කණගාටුව පළ කළේය. ලැන්කං -මීකොං කලාපයේ වර්ධනය වෙනුවෙන් චීනය ලබා දෙන ඉහළ දායකත්වය ද ඔවුන්ගේ පැසසුමට ලක්විය.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම