රාජ්‍ය සේවයේ නිවාඩු අඩු කිරීමට යෝජනාවක්
2023-12-25 16:27:16
Share with:

රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමිවී ඇති දින 45ක් වන නිවාඩු සංඛ්‍යාව 25ක් දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඉදිරිපත් වෙයි.

ඒ සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර ඇත.

එහිදී අනියම් නිවාඩු දින 10ක් සහ විවේක නිවාඩු දින 15ක් ලෙස නිවාඩු සංශෝධනය කරන ලෙස ද යෝජනා ඉදිරිපත්වී තිබේ.

මේ අතර විශ්‍රාම වැටුප් වියදම රාජ්‍ය වියදම මෙන් 11.4%ක් බව පෙන්වා දෙන විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා එම වියදම් කළමනාකරණය කරගැනීම සඳහා සමස්ත රාජ්‍ය අංශයම දායකවිය යුතු බවට ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පවසා තිබේ.

ඒ සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යෝජනා 45ක් ඉදිරිපත් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම