ගාසා තීරයේ වෛද්‍ය පහසුකම් තත්ත්වය තවදුරටත් අයහපත් අතට
2023-12-25 09:43:11
Share with:

ගාසා තීරයේ වෛද්‍ය පහසුකම් අතිශය අසීරු තත්ත්වයක පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (24) මේ බව සඳහන් කළේ ය.

දැනට එහි සේවා ක්‍රියාත්මක ව පවතින්නේ රෝහල් 36 න් 9 ක පමණකි. එම සේවා ද දැඩි ලෙස පිරිහී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ගාසා තීරයේ වෛද්‍ය සේවා ඉල්ලුම් පුළුල් ලෙස ඉහළ ගොස් ඇතත්, ඊට සාපේක්ෂව රෝහල් ඇඳන් පවතින්නේ 38% ක් පමණකි.  වෛද්‍ය සත්කාරක සේවා සැපයුම 30% ක් පමණ වේ.

ගාසා තීරයේ වෛද්‍ය පහසුකම් අකර්මණ්‍ය වීම දැඩි ඛේදවාචකයක් නිර්මාණය කරනු ඇතැයි පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය, කඩිනමින් සටන් විරාමයක් ප්‍රවර්ධනය කරන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම