එක්සත් ජාතීන්ගේ සංවිධානය චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය නිවාඩු දිනයක් ලෙසට නම් කරයි
2023-12-25 18:56:55
Share with:

චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවාඩු දිනයක් බවට නම් කෙරේ. 78 වැනි එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය පසුගිය 22 වනදා එම තීරණයට එළඹිණ.

චීන විදේශ අමාත්‍යං ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(25) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ වසන්ත උත්සවය චීන සංස්කෘතියේ වැදගත් ම සාම්ප්‍රදායික දිනයක් මෙන්ම පවුලේ එකතු වීම, පරණ වසරට සමුදීම හා නව වසර පිළිගැනීමේ ප්‍රීතිමත් දිනයක් බවයි. රටවල් 20ක් පමණ වසන්ත උත්සවය නිල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ගෝලීය ජනගහණයෙන් සියයට 20ක් පමණ විවිධ ආකාර වලින් වසන්ත උත්සවය සමරති. ලෝකය සමග වසන්ත උත්සවය සමරමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට චීනය කැමැත්තෙන් සිටින බව Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම