චීනයෙන් කාලගුණ විද්‍යා චන්ද්‍රිකා මාලාවක් සාර්ථකව උඩුගුවනට
2023-12-25 10:20:23
Share with:

චීනය කාලගුණ විද්‍යා චන්ද්‍රිකා මාලාවක් සාර්ථකව ගුවන්ගත කරයි. Tianmu-1 එකතුවේ, අංක 11 සිට 14 දක්වා චන්ද්‍රිකා මාලාව Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන්, බෙයිජිං වේලාවෙන් අද (25) පෙරවරු 9:00 ට නිකුත් කරනු ලැබීය. ඒ, Kuaizhou-1A වාහක රොකට්ටුවේ ආධාරයෙනි.

චන්ද්‍රිකා නියමිත කක්ෂයට ඇතුළු වූ අතර, මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථක වී තිබේ. මෙම චන්ද්‍රිකා ප්‍රධාන වශයෙන් කාලගුණ දත්ත ලබාගැනීම සඳහා භාවිත කෙරෙනු ඇත.

මෙය Kuaizhou-1A වාහක රොකට්ටුවේ 23 වැනි මෙහෙයුම යි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම