“යුක්තිය” මෙහෙයුම අඛණ්ඩව
2023-12-25 16:28:09
Share with:

“යුක්තිය” මෙහෙයු ම ඉදිරි දින කිහිපය තුලද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පැවසුවේ නත්තල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරියේ යොදවා ඇති බවයි.

ඒ හේතුවෙන් යුක්තිය මෙහෙයුම සඳහා යොමු කෙරෙන පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් සිදුවිය හැකි බව ඔහු පැවසීය.

මේ අතර බන්ධනාගාර ගත කර සිටින පාතාල සාමාජිකයින් බන්ධනාගාරය තුළ සිට අපරාධ මෙහෙයවන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටී.

ඔවුන්ගේ එම ක්‍රියාවන් වැළැක්වීම සඳහා අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම