ආක්ටික් මහද්වීපික තටකයේ ස්වෛරීභාවය පුළුල් කිරීමට අදාළ ඇමරිකාවේ ඉල්ලීම පිළිගත නොහැකියි - රුසියාව
2023-12-25 15:25:41
Share with:

ආක්ටික් මහද්වීපික තටකයේ ස්වෛරීභාවය පුළුල් කිරීමට අදාළ ඇමරිකාවේ ඉල්ලීම පිළිගත නොහැකි බව රුසියානු නිලධාරියෙක් පවසයි.

රුසියානු රාජ්‍ය ඩූමා මණ්ඩලයේ ආක්ටික් කමිටුවේ සභාපති Nikolay Kharitonov මහතා ඊයේ (24) මේ බව ප්‍රකාශ කළේය. ඇමරිකාව ඒකපාර්ශ්විකව තම ආක්ටික් දේශසීමා මායිම පුළුල් කිරීම පිළිගත නොහැකි බවත්, ඇමරිකාවේ එම ක්‍රියාව නොසන්සුන් තත්ත්වය තවදුරටත් බරපතල කිරීමට හේතු විය හැකි බවත් හෙතෙම පැවසීය.

ආක්ටික් සහ බෙරිං මුහුදු ප්‍රදේශයෙන් පිටත බහුතර ප්‍රදේශයක මහාද්වීපික තටකය පිළිබඳ ස්වෛරීභාවය පුළුල් කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය 19 වැනිදා ඒකපාර්ශ්විකව ප්‍රකාශ කළේය. එම මහාද්වීපික තටකයේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීර් මිලියන 100 කට අධික වන බව ද එම පාර්ශ්වය පවසා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම