චීන නවීකරණය තුළ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය සහතික කෙරේ
2023-12-25 11:18:09
Share with:

මහජන නියෝජිත සම්මේලන ක්‍රමයේ එල්බ සිටීම හා එය පරිපූර්ණ කිරීම හා බැඳුණු ෂී ජින්පිං මහතාගේ චින්තනය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමේ සමුළුව පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජික, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති චාඕ ලජී මහතා ඊයේ (24) බෙයිජිංහි පැවති එම සමුළුවට එක්වෙමින් දේශනයක් පැවැත්වීය.

 චීන ‍කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ හා මධ්‍යම මහජන කොංග්‍රස කාර්ය සමුළුවේ චින්තනය පූර්ණ ලෙස අනුගමනය කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා වගකීම් සහගතව ක්‍රියා කළ යුතු බව ඔහු එහිදී කියාසිටියේය.

අංගසම්පූර්ණ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය ඉටු කිරීමේ දී, මහජන නියෝජිත සම්මේලන ක්‍රමයේ අතිශය පුළුල් කාර්යභාරය විදහා දැක්විය යුතුය. මහජන නියෝජිත සම්මේලන ක්‍රමයට අදාළ විවිධ අංග හා ක්‍රියාකාරකම්වල දී ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, සහභාගිත්ව අයිතිය, අදහස් දැක්වීමේ අයිතිය සහ අධීක්ෂණ අයිතිය සහතික කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම