Gansu සහ Qinghai හි භූමිකම්පා සහන කටයුතු සඳහා තවත් යුවාන් මිලියන 400 ක මුදලක්
2023-12-25 19:00:09
Share with:

Gansu සහ Qinghai හි භූමිකම්පා සහන කටයුතු සඳහා, චීන මුදල් අමාත්‍යාංශය සහ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය තවත් චීන යුවාන් මිලියන 400 ක ස්වභාවික ආපදා සහන මුදලක් වෙන් කරයි. මෙම අරමුදල ප්‍රධාන වශයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීමට සහ හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය සඳහා යොදා ගැනේ. එසේම විපතට පත් ජනතාව සඳහා නිසි ජීවන විධිවිධාන සහතික කිරීම මෙන්ම, ආපදා ප්‍රදේශයේ නිෂ්පාදන සහ ජීවන රටාව හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමද එහි අරමුණකි.

මීට පෙර, චීන මුදල් අමාත්‍යාංශය අදාළ දෙපාර්තමේන්තු සමඟ, Gansu සහ Qinghai පළාත්වලට, භූමිකම්පා සහනාධාර වශයෙන් යුවාන් මිලියන 700 ක් යොදා ගෙන තිබේ. මෙවර වෙන් කෙරුණු යුවාන් මිලියන 400 ද ඇතුළුව, සමස්ත සහන මුදල යුවාන් බිලියන 1.1 කි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම