චීනයේ නීති කෙටුම්පත් රැසක් සාකච්ඡාවට
2023-12-25 20:36:20
Share with:

චීනයේ නීති කෙටුම්පත් රැසක් සාකච්ඡාවට ලක් කෙරේ.

ඒ සඳහා 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව අද (25) සිට 29වැනි දා දක්වා 7වැනි සැසිවාරය පවත්වයි. එහිදී දේශසීමා මායිම්වල නිරෝධායන නීති සංශෝධන කෙටුම්පත්, ඛනිජ සම්පත් නීති සංශෝධන කෙටුම්පත් සහ අධීක්ෂණ නීති සංශෝධන කෙටුම්පත ඇතුළු නීති කෙටුම්පත් රැසක් සාකච්ඡාවට ලක් කෙරේ. ඒ අතරින් අධීක්ෂණ නීති කෙටුම්පත් සංශෝධනය පළමු වරට සිදු කිරීම විශේෂත්වයකි.චීනයේ උත්තරීතර බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයට හිමි අධීක්ෂණ බලය වඩාත් තහවුරු කිරීම එමගින් අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම