මෙම වසරේ වාර්තාගත සංචාරකයින් පිරිසක්
2023-12-25 16:25:34
Share with:

මෙම වසරේ වාර්තාගත සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

මේ වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.4 කට අධිකය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් ඊයේ නිකුත් කරන ලද සංචාරක පැමිණීම් පිළිබඳ සතිපතා වාර්තාව පෙන්වා දෙන්නේ 2023 දෙසැම්බර් 21 වනවිට‍ මෙරටට සංචාරකයින් 1,404,998 ක් පැමිණ ඇති බවයි.

එම වාර්තාවට අනුව දෙසැම්බර් 1 සිට දෙසැම්බර් 21 දක්වා කාලය තුළ සංචාරකයින් 128,047ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

2022 වසර හා සැසඳීමේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ඇත. ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ චීනය දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් අතර ප්‍රධාන රටවල් ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම