ඊශ්‍රායල යුද හමුදා මෙහෙයුමට බාහිර බලපෑම් එල්ල වූයේ නැහැ--ඊශ්‍රායල අගමැති
2023-12-25 10:04:15
Share with:

අවශ්‍යතා අනුව ඊශ්‍රායල යුද හමුදා මෙහෙයුම සැලසුම් කෙරුණු අතර, ඊට බාහිර බලපෑම් එල්ල නොවූ බව ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu මහතා ඊයේ (24) Tel Aviv නගරයේ දී ප්‍රකාශ කළේය. 

 “අදාළ ප්‍රදේශයේ ඊශ්‍රායල මෙහෙයුම් ඇමරිකාව විසින් වළක්වන ලද බවට” පළ වූ මාධ්‍ය වාර්තාව අගමැතිවරයා ඊයේ (24) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ප්‍රතික්ෂේප කළ බව ද ඊශ්‍රායල අගමැති කාර්යාලය නිවේදනය කර ඇත.

හමාස් සංවිධානය විනාශ කිරීම, සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හා ගාසා තීරය ඊශ්‍රායලයට තර්ජනයක් නොවීම සහතික කිරීම ඇතුළු ඉලක්ක සාක්ෂාත් වන තෙක් ගාසා තීරයේ රැඳී සිටින හමාස් සංවිධාන සාමාජිකයන්ට ඊශ්‍රායලය අඛණ්ඩ ප්‍රහාර එල්ල කරන බව ද හෙතෙම පැවසීය.  

පලස්තීන රූපවාහිනියේ 24 වනදා පළ වූ වාර්තාවකට අනුව, ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් මධ්‍යම ගාසා තීරයේ සරණාගත කඳවුරක අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 70 ක් පමණ මියගොස් ඇත. ඉන් බහුතර පිරිස කාන්තාවන් හා දරුවන් බව ද පැවසේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම