කතෝලික දේවස්ථානවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්
2023-12-24 16:28:12
Share with:

නත්තල් උත්සව සමය තුළ කතෝලික දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියාසිටියේ වැඩබලන පොලිස්පතිවරයා විසින් දේවස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් සිවිල් කමිටු පත් කරන ලෙස උපදෙස් ලබා දුන් බවයි.

එසේම 24 සහ 25 යන දින දෙක තුළදීම පොලිස් විශේෂ ආරක්ෂක බලකායේ නිලධාරීන් 5500කට ආසන්න සංඛ්‍යාවක් බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමට නියමිතය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම