චීනයේ සරත් සෘතුවේ ධාන්‍ය මිලදී ගැනුම් ප්‍රමාණය ඉහළට
2023-12-24 15:12:27
Share with:

මේ වන විට චීනයේ ප්‍රධාන ධාන්‍ය නිපදවන ප්‍රදේශවල විවිධ ධාන්‍ය සමාගම් සරත් සෘතුවේ ධාන්‍ය ටොන් මිලියන 100 කට වඩා මිලදී ගෙන ඇති අතර මිලදී ගැනීමේ ප්‍රගතිය විමසීමේදී අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇත. චීන ජාතික ධාන්‍ය හා ද්‍රව්‍ය සංචිත පරිපාලනයේ නවතම දත්ත මේ බව පෙන්වා දෙයි.

සරත් සෘතුවේ ධාන්‍ය වෙළඳපොළට නිකුත් කිරීමත් සමග, විවිධ ධාන්‍ය සමාගම් මිලදී ගැනීම් සඳහා සක්‍රියව වෙළඳපොළට ඇතුළු වී ඇත. එමෙන්ම වෙළඳපළ මිලදී ගැනීම් සහ විකිණීම් සක්‍රිය ලෙස සිදුව ඇති අතර මිල මූලික වශයෙන් ස්ථාවරව පවතී. මෙම වසරේ චීනයේ විවිධ ප්‍රදේශ රටේ ධාන්‍යාගාරවල ආරක්ෂාව සහතික කිරීම සඳහා හරිත ධාන්‍ය ගබඩා කිරීම සහ විද්‍යාත්මක හා තාක්ෂණික ධාන්‍ය ගබඩා කිරීම ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කර ඇත. චීනය පුරා බොහෝ ස්ථානවල මෑතකාලීනව අධික වර්ෂාව සහ හිම පතනය ඇති වීමත් සමග එයට මුහුණ දෙමින්, සරත් සෘතුවේ ධාන්‍ය සක්‍රියව සහ ක්‍රමානුකූලව මිල දී ගන්නා ලෙසත්, විද්‍යාත්මකව ධාන්‍ය ගබඩා කිරීමට ගොවීන්ට මඟ පෙන්වන ලෙසත් චීන ජාතික ධාන්‍ය හා ද්‍රව්‍ය සංචිත පරිපාලනය සියලුම ප්‍රදේශවලින් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම