ගාසා තීරයේ යුද ගැටුම් අවසන් කිරීමේ දී සිය වගකීම් අඛණ්ඩව සහ නිසි ලෙස ඉටු කරන බව චීනය පවසයි
2023-12-24 15:53:39
Share with:

ගාසා තීරයේ යුද ගැටුම් කඩිනමින් අවසන් කිරීමට අඛණ්ඩව උත්සාහ දරන බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ චීන නියෝජිත කණ්ඩායමේ වැඩබලන තානාපති Dai Bing මහතා පසුගිය 22 වනදා මේ බව ප්‍රකාශ කර ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සියළු සාමාජික රටවල් සමග එක්ව ආරක්ෂක මණ්ඩලයට සිය වගකීම් මෙන්ම කාර්යභාරයන් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පෙළඹවීම චීනය සිදු කරනු ඇත. එමෙන්ම ගාසා තීරයේ සටන් විරාමයක් අරඹා “ද්වි-රාජ්‍ය විසඳුම” ප්‍රායෝගිකවම ක්‍රියාත්මක කරමින් මැද පෙරදිග ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය සාක්ෂාත් කිරීමට චීනය අඛණ්ඩව උත්සාහ දරන බව ද හෙතෙම සඳහන් කළේය. 

ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයට මානුෂීය සහනාධාර ලබා දීමේ නව තීරණය සම්මත කිරීමෙන් පසු පැවති විස්තර ප්‍රකාශයේදී Dai Bing මහතා ප්‍රකාශ කළේ එම තීරණය චීනය පිළිගන්නා බවයි. එම තීරණයට අනුව, අදාළ පාර්ශ්වයන් හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ගාසා තීරය වෙත මානුෂීය සහනාධාර යොමු කිරීමට චීනය අපේක්ෂා කරන බවද හෙතෙම එහිදී ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම