“ෂී ජින් පිං: එක් තීරයක් එක් මාවතක්- 2023 සංස්කරණය නමැති කෘතිය එළි දැක්වේ
2023-12-24 19:44:34
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ “ෂී ජින් පිං: එක් තීරයක් එක් මාවතක්- 2023 සංස්කරණය” නමැති කෘතිය එළි දැක්වෙයි.

එම කෘතිය, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාස හා කෘති පර්යේෂණ කාර්යාලය විසින් සකස් කරනු ලැබිණ. එය මෑතකදී රට පුරා එළි දක්වා ඇත.

එම විශේෂ කෘතියේ, ෂී ජින් පිං මහතා 2013 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2023 වසරේ නොවැම්බර් මාසය දක්වා කාලය තුළ “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම පිළිබඳ සඳහන් වැදගත්  ලිපි 78ක් ඇතුළත් වෙයි.

එමෙන්ම එම කෘතියේ ෂී ජින් පිං මහතා“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම පිළිබඳ ඉදිරිපත් කළ මාර්ගෝපදේශක මූලධර්ම, පොහොසත් අන්තර්ගතයන් සහ ඉලක්ක හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැඹුරු ලෙස පැහැදිලි කර ඇත. එමගින් විවිධ රටවල නවීකරණය සාක්ෂාත් කර ගෙන පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් අර්ථයක් ලබා දී ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම