පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක්
2023-12-24 16:19:11
Share with:

අනවසර ඉදිකිරිම් වළක්වා ගැනීම සඳහා පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් ගෙන එන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් අන්තර්ජාල‍ගත කිරීමේ වැඩසටහන අකුරණ ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.

මහජන බැංකුව හා එක්ව මෙම වැඩසටහ ක්‍රියාත්මක වන අතර ප්‍රාදේශීය සභාවේ බදු ඇතුලු සියලු ගෙවීම් මාර්ගත ක්‍රමයට සිදුකිරීමේ හැකියාව මෙමගින් ලැබෙනු ඇත.

පළාත් පාලන ආයතන 346ක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් ඉදිරි වර්ෂයේ මාර්තු මාසය වන විට සියලුම පළාත් පාලන ආයතන තුළ අන්තර්ජාල ගෙවීම් සිදුකළ හැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම