අධිවේගී මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
2023-12-24 16:15:22
Share with:

මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ඉටුකරනු ලබන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයන්හි හදිසි අනතුරු, ගිනිගැනීම් වැනි අවස්ථාවලදී සහ අපරාධ මැඩලීම සඳහා දැනට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය ක්‍රියාත්මක වන අතර එම කාර්යයන්වලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර ගැනීමත්, ඔවුන් මෙතෙක් ඉටුකළ එම කාර්යයන් විධිමත්ව ඉටු කිරීමේ වගකීම පැවරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් ඇති කිරීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ හා ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම