පැරණි ශිෂ්ටාචාර සංසදයේ 7වැනි අමාත්‍යවරුන්ගේ සමුළුව ඉරානයේදී
2023-12-24 16:08:04
Share with:

පැරණි ශිෂ්ටාචාර සංසදයේ 7වැනි අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සංස්කෘතික උරුම ආරක්ෂා කිරීම යනාදී කරුණු පිළිබඳව අවධානය යොමු කරයි.

එම සමුළුව පසුගියදා ඉරානයේ ටෙහෙරාන් අගනුවර දී පැවැත්විණ. විවිධ පාර්ශ්වයන් එහිදී සංස්කෘතික හුවමාරු හා සහ‍යෝගිතා, සංස්කෘතික උරුම සුරැකුම් ප්‍රවර්ධනය කිරීම සහ අහිමි වූ සංස්කෘතික උරුම නැවත ලබා ගැනීම යනාදී කරුණු සම්බන්ධයෙන් ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ඇත.

චීනය සහ පැරණි ශිෂ්ටාචාර සංසදයේ සාමාජික රටවල්, සංස්කෘතික, සංචාරක හා උරුම යනාදී ක්ෂේත්‍රවල ශක්තිමත් සහයෝගිතා පවත්වා ශිෂ්ටාචාර ඉදිරියට ගෙන යාමට අඛණ්ඩව නව ජීවයක් ලබා දී තිබෙන බව චීන සංස්කෘතික හා සංචාරක උප ඇමති Li Qun මහතා එම සමුළුව අමතමින් පැවසීය.

Li Qun මහතා එහිදී ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම එක්ව ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා තුනක් ඉදිරිපත් කළේය.  සංස්කෘතික උරුමයන් මගින් මානව ශිෂ්ටාචාරයේ සංවර්ධනය හා ප්‍රගතිය සඳහා සේවය කිරීම, ශිෂ්ටාචාර අතර හුවමාරු ශක්තිමත් කිරීමෙන් විවිධ රවටල ජනතාව අතර අන්‍යෝන්‍ය අ‍වබෝධය හා ගරුත්වය ශක්තිමත් කිරීම සහ වඩාත් සාධාරණ ජාත්‍යන්තර සංස්කෘතික පිළිවෙළක් ගොඩනැගීම යනාදිය ඊට ඇතුළත්ය.

පැරණි ශිෂ්ටාචාර සංසදය චීනය හා ග්‍රීසිය 2017 වසරේ දී පොදුවේ ආරම්භ කරන ලදී. සංවාද හා හුවමාරු පැවැත්වීමෙන් විවිධ ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අවබෝධ හා ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම