ගෝලීය වෙළඳපොළේ වැඩි ආකර්ශනයක් දිනා ගනිමින් චීනයේ ඇති විදේශීය සමාගම් ප්‍රමාණය අඛණ්ඩව ඉහළට
2023-12-23 15:29:44
Share with:

ලෝකයේ අනෙකුත් වෙළඳපොළවලට නොමැති ප්‍රතිලාභ සහ පුළුල් අපේක්ෂාවන් චීනයට හිමි වේ. චීන වෙළඳපොළ Tesla Inc. සමාගමේ  අනිවාර්ය තෝරා ගැනීමක් බව එම සමාගමේ ගෝලීය උප සභාපතිනී Tao Lin මහත්මිය ඊයේ(22) ප්‍රකාශ කළාය.

එදිනම චීනයේ ෂැංහයි නගරයේ Lingang හි Tesla Shanghai Energy Storage Gigafactory ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිල වශයෙන් ආරම්භ කිරීම ද සිදුවිය. මෙය ඇමරිකාවෙන් පිටත Tesla සමාගම ඉදිකළ පළමු බලශක්ති ගබඩා සුපිරි කර්මාන්තශාලා ව්‍යාපෘතිය වීම ද විශේෂත්වයකි.

මේ වසරේ සිට Tesla වැනි විදේශීය සමාගම් වඩා වැඩියෙන් චීනය තුළ කර්මාන්තශාලා ඉදිකිරීම් සිදු කර ඇත. AstraZeneca සහ Moderna යන සමාගම් ද නව ඖෂධ කර්මාන්තශාලා ගොඩනඟා ඇති අතර, Danfoss හි ගෝලීය ශීතකරණ පර්යේෂණ හා පරීක්ෂණ මධ්‍යස්ථානය භාවිතයට ගෙන ඇත. බොහෝ අන්තර්ජාතික සමාගම් චීන වෙළඳපොළ කෙරෙහි ඇති පූර්ණ විශ්වාසය මෙම ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලින් මනාව දැක ගත හැකිය. පසුගිය 21 වැනිදා චීනය නිකුත් කළ අදාළ දත්තවලින් ද ඒ බව සනාථ විය.

මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා චීනයේ අලුතින් ස්ථාපිත වූ විදේශීය ආයෝජන සමාගම් සංඛ්‍යාව 48078ක් වන අතර එම ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 36.2%ක වර්ධනයකි. ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වෙමින් භූ දේශපාලන තරඟකාරිත්වය උග්‍ර වන විට චීන වෙළඳපොළ වඩාත් ආකර්ශනීය වෙමින් "චීනයේ ආයෝජනය" ප්‍රධාන ප්‍රවණතාවයක් වනු ඇති බවට විශ්වාස කෙරේ.

චීනය අදාළ ප්‍රතිපත්ති පිළිවෙළින් ක්‍රියාත්මක කිරීමත් සමග ඉදිරියේදී ආකර්ෂණය වන විදේශී ආයෝජනවල පරිමාව හා ගෝලීය අනුපාතය වඩා වැඩියෙන් ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව විශ්ලේෂකයන් ද පවසා ඇත.

චීන ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමත් වෙමින් පවතින බවත්, චීනය තවමත් ගෝලීය ආයෝජන සඳහා උණුසුම් රටක් බවත් චීනයේ ආයෝජනය කරන විදේශීය සමාගම් සංඛ්‍යාව වර්ධනය වීමෙන් පෙන්නුම් කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම