චීන මාධ්‍ය සමූහයට අනුබද්ධ උසස් පැහැදිලි ආදර්ශවත් කලාප ව්‍යාපෘතිය ඇරඹේ
2023-12-23 19:03:22
Share with:

චීන මාධ්‍ය සමූහයට අනුබද්ධ උසස් පැහැදිලි ආදර්ශවත් කලාප ව්‍යාපෘතියේ ගොඩනැංවීම ආරම්භ කෙරේ. එහි සමාරම්භක උළෙල අද(23) බෙයිජිං නුවර දී පැවැත්විණ.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා උළෙල අමතමින් කියාසිටියේ  චීන මාධ්‍ය සමූහය ස්ථාපිත කිරීමේ සිට ජනාධිපති ෂී ජින්පිං මහතාගේ මාර්ගෝපදේශ මත පදනම්ව නවෝත්පාදනය කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වන බවයි. උසස් පැහැදිලි කර්මාන්ත සංවර්ධනය හා එහි තාක්ෂණ පර්යේෂණය එය තහවුරු කර තිබේ.

උසස් පැහැදිලි ආදර්ශවත් කලාප ගොඩනැංවීම, චීන මාධ්‍ය සමූහය බෙයිජිං නාගරික සභාව සමග එක්ව අධි ගුණාත්මක සංවර්ධනය ඉදිරියට රැගෙන යාමට ගත් වැදගත් පියවරක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. ‍පුළුල් කාර්යභාරයන් සහිත, පූර්ණ පහසුකම්වලින් යුත් ඉහළ මට්ටමක පවතින උසස් පැහැදිලි ආදර්ශවත් කලාපයක් එමගින් නිර්මාණය කරනු ඇත. ‘සංකල්පය, කලාව හා තාක්ෂණය’ සුසංයෝගයෙන් යුත් නවෝත්පාදනය එමගින් තවදුරටත් තහවුරු කරනු ඇති බව ද චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම