ගාසා තීරයට සුරක්ෂිතව මානුෂීය සහනාධාර ලබා දීමේ නව තීරණය සම්මත කෙරේ
2023-12-23 15:42:54
Share with:

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයට මානුෂීය සහනාධාර ලබා දීමේ නව තීරණය සම්මත කරයි.

ආරක්ෂක මණ්ඩලය ඊයේ(22) ඡන්ද විමසීමකින් අංක 2720 තීරණය සම්මත කළේ ය. එහිදී පක්ෂව ඡන්ද 13ක් හිමි වූ අතර සාමාජිකයින් දෙදෙනෙක් ඡන්ද දීමෙන් වැළකී ඇත. නව තීරණයට අනුව, කිසිදු බාධාවකින් තොරව කඩිනමින් සහ සුරක්ෂිතව සමස්ත ගාසා තීරයේ සිටින පලස්තීන සාමාන්‍ය ජනතාවට විශාල පරිමාණයේ මානුෂීය සහනාධාර ලබා දීමට අපේක්ෂා කෙරේ. එදිරිවාදී ක්‍රියාවන් අඛණ්ඩ ව නතර කිරීම වෙනුවෙන් පරිසරයක් නිර්මාණය කළ යුතු බව ද එහි දැක්වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරිපත් කළ එම තීරණයේ කෙටුම්පතට ඇමරිකාව හා රුසියාව ඡන්ද දීමෙන් වැළකී සිටියේ ය. ඡන්ද ප්‍රකාශ කිරීමට පෙර ඇමරිකාව රුසියාව විසින් ඉදිරිපත් කෙරුණු සංශෝධන පනතක් ප්‍රතික්ෂේප කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉදිරිපත් කෙරුණු එම කෙටුම්පතේ සඳහන් වූ ‘එදිරිවාදී ක්‍රියාවන් අත්හිටුවීම’ යන වගන්තිය යළි භාවිතා කරන ලෙස රුසියාව ඉදිරිපත් කළ සංශෝධන පනතේ දැක්වෙයි.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම