එළැඹෙන උත්සව සමයට අඛණ්ඩව විදුලිය
2023-12-23 16:10:05
Share with:

එළැඹෙන සතිඅන්ත නිවාඩු සමයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. හදිසි නොවන නඩත්තු කටයුතු සඳහා ද විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

නඩත්තු කටයුතු සඳහා විදුලි විසන්ධි කිරීම පිළිබඳ ජාත්‍යන්තර මර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට අදාළ පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබේ. නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන බවට ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම