ෂෙන්චෞ 17 ගගනගාමීහූ සිය ප්‍රථම අභ්‍යවකාශ ඇවිදීම සාර්ථකව ඉටු කරති
2023-12-22 09:09:11
Share with:

ෂෙන්චෞ 17 ගගනගාමීහූ සිය ප්‍රථම අභ්‍යවකාශ ඇවිදීම සම්පූර්ණ කරති.බෙයිජිං ‍වේලාවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රී 9.35ට එය සම්පූර්ණ කෙරුණු බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. Tang Hongbo, Tang Shengjie සහ Jiang Xinlin යන ගගන ගාමීන් ටියැන්හ මොඩුයලයේ සූර්ය පැනල අළුත්වැඩියා කිරීම ඇතුළු කාර්යයන් පැය හත හමාරක කාලයක් තුළ සම්පූර්ණ කර තිබේ.පෘථීවි පාලන මධ්‍යස්ථාන කණ්ඩායමේ හා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රොබෝ අත ආධාරයෙන් එම කටයතු සම්පූර්ණ කිරීමට ඔවුහූ සමත් වූහ. Tang Hongbo සහ Tang Shengjie යන ගගන ගාමීන් දෙදෙනා නිරුපද්‍රිතව වෙන්ටියාන් පරීක්ෂණ මොඩුයලය වෙත පිවිස තිබේ.ඔක්තෝබර් 26 වෙනිදා කක්ෂීය සංකීර්ණය වෙත පිවිසීමෙන් පසු ඔවුහූ බහුවිධ කාර්යන් රැසක් සම්පූර්ණ කිරීමට සමත් වූහ. ෂෙන්චෞ 16 ගගනගාමීන් සමග වටමාරුව ද ඊට අයත් විය.අභ්‍යවකාශ වේදිකා අළුත්වැඩියාව,අභ්‍යවකාශ බාහිර ඇඳුම් පරීක්ෂාව මෙන්ම ටියැන්චෞ 6 භාණ්ඩ ප්‍රවාහන යානයේ උපකරණ පරීක්ෂා කිරීම ඔවුන් විසින් සිදු කරනු ලැබූ සෙසු කාර්යයන් අතර වෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම