චීන-ඇමරිකා අභ්‍යවකාශ සහයෝගිතාව අකර්මණ්‍ය වීමට හේතුව ඇමරිකාවේ සීතල යුද මානසිකත්වය බව චීනය පවසයි
2023-12-22 17:12:04
Share with:

චීනය සමග පවතින අභ්‍යවකාශ සහයෝගිතාව දෙස බැලීමේ දී ඇමරිකාවේ සීතල යුද මානසිකත්වය දෙරටේ එම සහයෝගිතාව අකර්මණ්‍ය වීමට මූලික හේතුව බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීනයේ ඇමරිකානු තානාපති R.Nicholas Burns මහතා පසුගිය දා පැවසුවේ චන්ද්‍ර ගවේෂණයේ දී ඇමරිකාව සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තක් නොදක්වන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා පැවසුවේ චීන රජය සමානාත්මතාවය, සාමය සහ සහභාගීත්වය මත පදනම්ව විවිධ රටවල් සමග එක්ව අභ්‍යවකාශ හුවමාරු හා සහයෝගිතා පැවැත්වීමට කැමැත්තෙන් පසු වන බවයි.

ඇමරිකාව සමග එවැනි ක්ෂේත්‍ර තුළ සහයෝගිතා පැවැත්වීම පිළිබඳව විවෘත ආකල්පයක් දරන චීනය, චීන-ඇමරිකා සිවිල් අභ්‍යවකාශ සංවාද ක්‍රමවේදය මේ වනවිටත් ගොඩනගා තිබේ. නමුත්, එරට එම සහයෝගිතාවන්ට බාධා එල්ල කර චීනයේ ඒ හා සම්බන්ධ ව්‍යවසායන්ට ද අත්තනෝමතික ව සම්බාධක පනවා ඇති බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම