චීනය සහ නිකරගුවාව අතර පවතින සහයෝගීතාව පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
2023-12-22 17:25:29
Share with:

චීනය සහ නිකරගුවාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කර දෙවසරක් සපිරීම නිමිත්තෙන්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී චීන-නිකරගුවා සහ චීන-ලතින් අමෙරිකා සහයෝගීතාව පිළිබඳ අදාළ තත්ත්වය හඳුන්වා දුන්නේය.

චීනය සහ නිකරගුවාව අතර උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව ඇති කිරීම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ නිකරගුවා ජනාධිපති Daniel Ortega මහතා එක්ව ප්‍රකාශයට පත් කිරීම දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ඉතිහාසයේ ප්‍රධාන සිදුවීමක් බව Wang Wenbin මහතා පැවසීය. චීනය සහ නිකරගුවාව අතර උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව ඇති කිරීම දෙරටේ සහ දෙරටේ ජනතාවගේ පොදු අවශ්‍යතාවලට ගැළපෙන අතර දෙරටේ පොදු සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට හිතකර වේ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කිරීමෙන් පසු වසර දෙක තුළ, චීන- නිකරගුවා දේශපාලන වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව තහවුරු වී ඇත. එමෙන්ම උපායමාර්ගික සම්බන්ධීකරණය වඩා වැඩියෙන් සමීප වී ඇති අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව වේගයෙන් ඉදිරියට ගොස් ඇත.

චීනය සහ නිකරගුවාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කිරීම මෑත වසරවලදී චීනය සහ ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවල් අතර සබඳතා අඛණ්ඩව ශක්තිමත් වීමේ විචිත්‍රවත් ආදර්ශයක් බව Wang Wenbin මහතා පැවසීය. කොස්ටරිකාව, පැනමාව සහ හොන්ඩුරාස් චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා අනුක්‍රමිකව ස්ථාපිත කර හෝ යථා තත්ත්වයට පත් කර ඇත. ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවල් වඩා වැඩියෙන් “එක් තීරයක් එක් මාවතක්” උසස් තත්ත්වයේ සංවර්ධනය සමග එක් වෙමින්, ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම යනාදියට සහය වෙමින් සහ සහභාගී වෙමින්, පොදු ඉරණමක් සහිත චීන-ලතින් ඇමරිකානු ප්‍රජාවක් ගොඩනැගීමට එක්ව කටයුතු කරනු ඇති බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම