හංගේරි-සර්බියා දුම්රිය ඉදිකිරීම්වල ප්‍රගතිය සර්බියා ජනාධිපතිවරයා ඉහළින් අගය කරයි
2023-12-22 11:49:40
Share with:

සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා ඊයේ(21) Vrbas නගරයේ දී, හංගේරි-සර්බියා දුම්රිය මාර්ගයේ සර්බියානු දේශයේ සිදුවන ඉදිකිරීම් නිරීක්ෂණය කළේ ය. එහිදී දුම්රිය මාර්ගයේ ඉදිකිරීම්වල ප්‍රගතිය පිළිබඳව හෙතෙම ඉහළින් අගය කළේ ය.

එම ඉදිකිරීම්, 2024 අවසානය වන විට සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි Aleksandar Vučić මහතා පැවසීය. මෙම දුම්රිය මාර්ගයෙන් Belgrade අගනුවර සිට, Subotica නගරය දක්වා ගමන් කාලය පැය 1 විනාඩි 15 දක්වා අඩු වනු ඇත. මෙය සර්බියානු ජනතාවට සහ සමස්ත රටටම විශාල වෙනසක් බව හෙතෙම පැවසීය. චීන ව්‍යවසායකයන්ට සහ කම්කරුවන්ට සර්බියානු ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කළේය.

හංගේරි-සර්බියා දුම්රිය යනු චීනය සහ මධ්‍යම-නැගෙනහිර යුරෝපා රටවල් "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ එක්ව ගොඩනැගීම පිළිබිඹු කෙරෙන සුවිශේෂී ව්‍යාපෘතියකි. එසේම චීනයේ දුම්රිය තාක්ෂණික උපකරණ, යුරෝපා සංගමයේ දුම්රිය අන්තර් සම්බන්ධතා තාක්ෂණය සමඟ සම්බන්ධ කෙරෙන පළමු ව්‍යාපෘතිය ද මෙයයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම