ලෝක වේදිකාව තුළ වර්ධනය වන චීන භූමිකාව
2023-12-22 10:07:45
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් ඇරඹි ආර්ථික විප්ලවයෙන් වර්තමනයේ දී චීනය ලොව ප්‍රධානතම ආර්ථික බලවතෙකු දක්වා සාර්ථක ගමනක නිරතව ඇතැයි හිටපු කැබිනට් අමාත්‍ය ‍පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි. කොවිඩ් වසංගතය සමයෙන් පසු යළිත් චීන ආර්ථීකය වේගයෙන් ප්‍රකෘතිමත් වෙමින් පවතින බවද හෙතෙම කියා සිටී. ඉදිරි දස වසර තුළ චීනය ලොව ප්‍රධානතම ආර්ථිකය බවට පත්වීමේ ලකුණු දක්නට ඇත. මෙම වසර තුළද චීනය සිය ආර්ථික දිශානතිය වෙනුවෙන් පියවර රැසක් ඉදිරිපත් කළේය. මිළදී ගැනීමේ ශක්තියෙන් චීනය ඇමරිකාවට වඩා දැනටමත් ඉදිරියෙන් සිටින බව මන්ත්‍රීවරයා‍ ගේ අදහස වී තිබේ. අති විශාල ඇමරිකා ඩොලර් විදේශ විනිමය සංචිතයකට හිමිකම් කියන චීනය සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල වශයෙන් ආධාර කරමින් සිටී. එය ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ජපාන අන්තර් ජාතික සහයෝගිතා යන ආයතන සියල්ලේ ආධාර ප්‍රමාණයන්ට වඩා ඉහළය. ශ්‍රී ලංකාව උදාහරණයක් ලෙස ගැනීමේදී 2005 වසරේ සිට 2015 වසර දක්වා ආර්ථිකයේ විශාල ඉදිරි පිම්මක් ලබා ගැනීමට හේතු වූයේ අන්කවරක් වත් නොව දැවැන්ත ව්‍යාපෘති වෙනුවෙන් චීනය ලබා දුන් ආධාර බව නොරහසකි. චීනය ක්‍රියාත්මක කරන එක් තීරයක් එක් මාවතක් වැඩසටහන මගින් ලොව විවිධ රටවලට එළඹෙන නව වසර තුළ ද නව අවස්ථාවන් ගෙන දෙනු ඇත. අන්තර් ජාතික සබඳතා පිළිබඳ සැලකීමේ දී ද  චීනය සියළු කලාප ආවරණය වන පරිද මනා ආර්ථික, දේශපාලන හා සාමාජීය සබඳතාවක් ගොඩ නගා ගෙන තිබීම ලෝකය තුළ චීන භූමිකාවේ අගය තවදුරටත් ඉහළ නංවන බවද එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

වත්මන් ලෝකයේ ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට  ශක්තිමත් සහ අව්‍යවාජ   ලෙස  සහය වන රට මහජන චීනය යැයි ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම