ගම්බිම් බලායන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන පහසුකම්
2023-12-22 14:09:06
Share with:

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රවාහන සේවාවන් අද (22) සිට ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. නත්තල් උත්සවය සහ පාසල් නිවාඩුවත් සමග ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් මෙම විශේෂ බස් හා දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වේ.

එමෙන්ම උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාව ද හෙට (23) සිට ආරම්භ කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ. ඉදිපොලගේ මහතා පැවසීය.

මේ අතර කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අද සිට විශේෂ කාලසටහනකට අනුව සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම