අප්‍රිකා ලීගයට සාම සාධක මුදල් සැපයීමේ ප්‍රශ්නය විසඳීමේදී අප්‍රිකා ක්‍රමයෙන් අප්‍රිකා ප්‍රශ්නය විසඳීමේ මූලික මූලධර්මය පිළිබිඹු විය යුතු බව චීනය කියයි
2023-12-22 11:44:13
Share with:

අප්‍රිකා ලීගයට සාම සාධක මුදල් සැපයීමේ ප්‍රශ්නය සම්බන්ධ තීරණ කෙටුම්පත පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(21) ඡන්ද විමසීමක් සිදු ක‍ළේය. ඉන් පසු එක්සත් ජාතීන්ගේ චීන නියෝජිත කණ්ඩායමේ වැඩ බලන ප්‍රධානී Daibing මහතා පැවසුවේ අප්‍රිකා ලීගයට සාම සාධක මුදල් සැපයීමේ ප්‍රශ්නය විසඳීමේදී අප්‍රිකා ක්‍රමයෙන් අප්‍රිකා ප්‍රශ්නය විසඳීමේ මූලික මූලධර්මය පිළිබිඹු විය යුතු බවයි. අප්‍රිකාවේ ස්ථාවරත්වය රැක ගැනීම හා වෙඩි හඬ නතර කිරීම වෙනුවෙන් අප්‍රිකා ලීගය හා අප්‍රිකාවේ කලාපීය සංවිධාන දිගුකාලීනව ස්වයං සාම සාධක ක්‍රියාකාරකම්වල නිරත වෙමින් විශාල කැපවීම් සිදු කර තිබේ. අප්‍රිකා ලීගයේ ඇරයුමට අනුව සාම සාධක මෙහෙයුමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුදල් ලබාදීම විමර්ශනය කිරීමට මෙවර තීරණ කෙටුම්පතෙන් අවසර ලබා දෙයි. ඉන් අප්‍රිකා රටවල අවධානයට ලක් වන මුදල් සැපයීමේ ප්‍රශ්නය විසඳීමට සහ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අප්‍රිකා ලීගය අතර සහයෝගිතා ගැඹුරු කිරීමට උපකාරී වන බව Daibing මහතා කීය.

ඉදිරියේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය අප්‍රිකා ලීගයේ සාම සාධ මෙහෙයුමට සහාය ලබාදීමේදී අප්‍රිකා ප්‍රමුඛත්වය හා අප්‍රිකා හිමිකාරීත්වය පිළිබිඹු වනු ඇතැයි Daibing මහතා අපේක්ෂා පළ කළේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම