චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ විශේෂ රැස්වීමක් ජනපතිගේ ප්‍රධානත්වයෙන්
2023-12-22 20:13:52
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ විශේෂ රැස්වීමක් පැවැත්වෙයි. එහිදී තේමානුගත අධ්‍යාපනයේ ප්‍රතිඵල පුළුල් කර ශක්තිමත් රටක් ගොඩනැගීමේ සහ ජාතික පුනර්ජීවනය ඇති කිරීමේ මහඟු අරමුණ සඳහා ප්‍රබල බලවේග එක්රැස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා රැස්වීමේ මුලසුන දැරූ අතර එහිදී හෙතෙම වැදගත් දේශනයක් ද පැවැත්වීය.

නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනයේ මගපෙන්වීම පිළිපදිමින්, ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පුළුල් ලෙස ශක්තිමත් කර ඉහළ මට්ටමේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි ආත්ම විශ්වාසය සහ දියුණුව ප්‍රවර්ධනය කළ යුතු බව එම රැස්වීමේදී සඳහන් කෙරිණ. ඒ අතරම, ආර්ථිකයේ ජීව ශක්තිය ඵලදායී ලෙස වැඩිදියුණු කළ යුතු අතර අවදානම් වළක්වා ගත යුතුය. එසේම, ධනාත්මක ආර්ථික ප්‍රකෘතියක් තහවුරු කර චීන මාදිලියේ නවීකරණය හරහා ශක්තිමත් රටක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය පුළුල් ලෙස ප්‍රවර්ධනය කළ යුතුය.

නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදයේ තේමානුගත අධ්‍යාපනය පිළිබඳ මෙම ඉගෙනුම් සහ ක්‍රියාත්මක කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ හරය ක්‍රියාත්මක වන ප්‍රධාන පියවරක් බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය තේමානුගත අධ්‍යාපනයේ ජයග්‍රහණ තහවුරු කිරීමට සහ පුළුල් කිරීමට පෙරමුණ ගත යුතු අතර, දිගුකාලීන යාන්ත්‍රණයක් ස්ථාපිත කර, සැලසුම් තවදුරටත් ශක්තිමත් කර,සමස්ත පක්ෂය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම