ගාසා තීරය වෙත මානුෂීය සහනාධාර ලබාදීමේ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම සිව්වැනි වතාවටත් කල් යයි
2023-12-22 15:40:04
Share with:

ගාසා තීරය වෙත මානුෂීය සහනාධාර ලබාදීමේ යෝජනා කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම සිව්වැනි වතාවටත් කල් යයි.

ඇමරිකාවේ විරෝධය හේතුවෙන් එම ඡන්ද විමසීම ජගත් ආරක්ෂක මණ්ඩලයේ දී ඊයේ (21) යළිත් වරක් කල් දමනු ලැබීය. මේ සතිය තුළ එය එලෙස කල්දැමුණු සිව්වැනි වතාව මෙයයි.

රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග අනුව, ඇමරිකාව විරෝධය පළ කර ඇත්තේ, අදාළ යෝජනාවට ඇතුළත් ‘ඊශ්‍රායලය හා හමාස් සංවිධානය විරුද්ධවාදී ක්‍රියා නතර කිරීම’ යන කරුණ කෙරෙහි ය. එසේම, ‘විරුද්ධවාදී ක්‍රියා තාවකාලිකව නතර කිරීම’ යන කොටසට පමණක් ඇමරිකාව එකඟ වී ඇතැයි ද පැවසේ.  

මේ අතර, ගාසා තීරයට ප්‍රවේශ වූ සහනාධාර ලොරි ප්‍රවාහනය කරන්නේ “මානුෂීය සහනාධාර භාණ්ඩ” පමණක් ද යන ප්‍රශ්නය ඇමරිකාව මෙහිදී ඉදිරිපත් කළේය. මීට අමතරව, මෙම කෙටුම්පතට ඇතුළත් ‘ගැටුම්කාරී නොවන පාර්ශ්වයන් මගින් ගාසා තීරය වෙත ප්‍රවාහනය කෙරෙන මානුෂීය සහනාධාර නිරීක්ෂණය කිරීම’ සඳහා ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමේ යෝජනාව කෙරෙහි ද ඇමරිකාව විරෝධය පළ කර ඇත.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම