සිරියාව තුළ සියලු නීති විරෝධී හමුදා මෙහෙයුම් නතර කරන ලෙසට චීනයෙන් ඉල්ලීමක්
2023-12-22 11:22:30
Share with:

සිරියාව තුළ සියලු නීති විරෝධී හමුදා මෙහෙයුම් නතර කරන ලෙස චීනය ඉල්ලීමක් කරයි.

එමෙන්ම එහි සියලු නීති විරෝධී හමුදා ස්ථානගත කිරීම් අවසන් කළ යුතු බවද එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත කණ්ඩා‍යමේ අමාත්‍ය උපදේශක Sun Zhiqiang මහතා ඊයේ (21) ආරක්ෂක මණ්ඩලයේ පැවසීය.

මෑතකදී, ඩමස්කස් ගුවන් තොටුපළ ඇතුළු සිරියාවේ බොහෝ ස්ථාන නිතර ගුවන් ප්‍රහාරවලට ලක් වූ අතර, ඒ පිළිබඳ චීනය ඉහළ අවධානය යොමු කරන බව හෙතෙම කීය. තත්ත්වය උග්‍ර වීම වැළැක්වීම සඳහා, සන්සුන්ව සහ සංයමයෙන් කටයුතු කරන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

මෑත වසරවල සිරියාව සඳහා සැපයෙන එක්සත් ජාතීන්ගේ මානුෂීය අරමුදල් අඛණ්ඩව පහත වැටෙමින් තිබෙන බව Sun Zhiqiang මහතා එහිදී සඳහන් කළේය. අදාළ පරිත්‍යාගශීලීන් සිය පොරොන්දු ඉටු කර සිරියානු ජනතාවගේ මානුෂීය අවශ්‍යතා ඵලදායී ලෙස සපුරාලිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය. ඒකපාර්ශ්වික සම්බාධක සහ සම්පත් කොල්ලය දිගු කලක් පුරා සිරියාවේ ප්‍රකෘතියට බාධාවක් වී ඇති අතර, එය සිරියාව මුහුණ දෙන මානුෂීය අභියෝග උග්‍ර වීමට බලපා තිබේ. අදාළ නීති විරෝධී ක්‍රියා වහාම සහ කොන්දේසි විරහිතව අවසන් කරන ලෙස චීනය ඉල්ලා සිටින බව ද Sun Zhiqiang මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම