“බෙයිජිං මිනිසා - මානවයාගේ අවසන් රහස” මංගල දර්ශනය යුනෙස්කෝ මූලස්ථානයේ දී
2023-12-21 11:02:25
Share with:

“බෙයිජිං මිනිසා - මානවයාගේ අවසන් රහස”නම් චීන-ප්‍රංශ වාර්තා චිත්‍රපටයේ මංගල දර්ශනය යුනෙස්කෝ මූලස්ථානයේ දී පැවැත්වේ.

එම වාර්තා චිත්‍රපටය චීන මාධ්‍ය සමූහය, ප්‍රංශ ජාතික රූපවාහිනී සමූහය සහ ප්‍රංශ 10.7 නිෂ්පාදන සමාගමේ ඒකාබද්ධ නිෂ්පාදනයකි.ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේ  ඉකුත් 19 වැනි දා රාත්‍රියේ පැවති  මංගල දර්ශනයට චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං මහතා ද එක් විය.

ඔහු එහිදී දේශනයක් පවත්වමින් කියාසිටියේ,“බෙයිජිං මිනිසා - මානවයාගේ අවසන් රහස”වාර්තා චිත්‍රපටය වසර මිලියන 2 ක මානව පරිණාම ඉතිහාසය ආවරණය කළ බවයි. පුරාණ කාලයේ සිට අද දක්වා මානව සමාජය පොදු ඉරණමක් සහිත ප්‍රජාවකි. මානව ශිෂ්ටාචාරයේ සෑම ප්‍රගතියක්ම මිනිසුන් අන්‍යෝන්‍ය වශයෙන් තොරතුරු හා දැනුම බෙදාගැනීම, හුවමාරු කිරීම සහ අධ්‍යයනය කිරීම යන අංශයන්ගෙන් වෙන් කළ නොහැකි ය. මෙය එම වාර්තා චිත්‍රපටයේ ප්‍රධාන තේමාව බව, ශෙන් හයි ශියොං මහතා සිය දේශනයේ දී සඳහන් කළේ ය.

 

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම