2024 වසරේදී භාණ්ඩ ආනයන සහ අපනයන ගාස්තු සංශෝධනයට චීනය පියවර ගනී
2023-12-21 17:41:54
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු ප්‍රතිපත්ති කොමිෂන් සභාව අද (21) නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ 2024 වසරේදී ඇතැම් වෙළඳ භාණ්ඩ සඳහා ආනයන සහ අපනයන ගාස්තු සංශෝධනය කරන බවයි.

එම නිවේදනයට අනුව, 2024 වසරේ ජනවාරි මාසයේ 1වැනිදා සිට, චීනය වෙළඳ භාණ්ඩ 1,010 ක් සඳහා වඩාත්ම හිතකර මෙන්ම ජාතික බදු අනුපාතයට වඩා අඩු තාවකාලික ආනයන බදු අනුපාතයක් ක්‍රියාත්මක කරනු ඇත.

විශේෂයෙන්, ලිතියම් ක්ලෝරයිඩ්, අවම ආසනික් ෆ්ලෝරයිට් සහ ඉන්ධන සෛල සඳහා අවශ්‍ය ගෑස් විසරණ ස්ථර වැනි සම්පත්, රට තුළ හිඟයක් ඇති ප්‍රධාන උපකරණ සහ කොටස් සඳහා ආනයන ගාස්තු අඩු කෙරෙ‍නු ඇත. එමෙන්ම පිළිකා මර්දන ඖෂධ සහ දුර්ලභ රෝග ඖෂධ සඳහා අවශ්‍ය ඇතැම් ඖෂධ සහ අමුද්‍රව්‍ය සඳහා ශුන්‍ය තීරුබදු ක්‍රියාත්මක කිරීමටත් විශේෂ වෛද්‍ය අරමුණු සඳහා අවශ්‍ය සූත්‍රමය ආහාර සඳහා ආනයනික තීරු බදු අඩු කිරීමටත් සැලසුම් කර ඇත. එසේම බඩ ඉරිඟු, කොත්තමල්ලි සහ බර්ඩොක් බීජ සඳහා වන ආනයන බදු ද අඩු කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම